මම යන එන තැන්

Wednesday, May 27, 2020

හැංගිලා තියෙන ලස්සන තැන් 1- කළු වල



මෙම කොටස අලුතින් පටන් ගත්ත කොටසක්. අපි හැමෝම වගේ ඇවිදින්න කැමති. ඉතින් එහෙම ඇවිදින අයට ඇවිදින්න තවත් අලුත් තැන් කිහිපයක් පිලිබදව විස්තරයක් අරන් එන්න තමයි මගේ සුදානම. වැඩි කතා බහක් නැතිව කතාවට බහිමු. මේ තැන ඇත්තෙන්ම හැංගිලා තියෙන තැනක්. ගම්මුන් අතර ප්රසිද්ද උනාට මේ ගැන පිට කට්ටිය වැඩිය දන්නෙත් නැති තරම්. මේ ගමනේදී එක දවසින් කළු වල, රාවනා ඇල්ල උඩ කියන තැන දෙකට යන විදිහ ගැන විස්තරයක් ලියන්නම්.

මෙතනට එන්න ඉන්න කෙනෙක්ට ප්රදාන පාරවල් දෙකක් ඔස්සේ එන්න පුළුවන්. බණ්ඩාරවෙල පැත්තේ ඉදල එන කෙනෙක් නම් හීල්ඔය මකුල් ඇල්ල හරහා අබදන්ඩේගම එන්න පුළුවන්. ඊට අමතරව පූනාගල පාර හරහාත් එන කෙනෙකුට එන්න පුළුවන්. වැල්ලවාය  පැත්තේ ඉදන් එන කෙනෙක්ට ඇල්ල වැල්ලවාය පාරේ කරදගොල්ල ඉස්කෝලේ ලගින් හැරිලා අබදන්ඩේගම එන්න පුළුවන්. මොන පාරෙන් ආවත් ලස්සන ගස් කෝලන් තියෙන සුන්දර පරිසරයක් හරහා අබදන්ඩේගම එන්න පුළුවන්. ඇල්ල වැල්ලවාය පාර නාය ගියාම බණ්ඩාරවෙල ඉන්න අයට වැල්ලවායට යන්න තියෙන ලගම අතුරු පාරත් වැටිලා තියෙන්නේ අබදන්ඩේගම හරහා. එත් ගොඩක් අය පාර පාවිච්චි කරන්නේ නැහැ. හේතුව 6 km වගේ කිසිම ගෙයක් දොරක් නැති කැලයක් හරහා පාර වැටිලා තියෙන එක.

                               
                                වැල්ලවාය ඉදන් එනකොට පුනාගල කන්ද පේන විදිහ 


                                    බණ්ඩාරවෙල ඉදන් එනකොට පාර අතරමග


අල්ලිමලේ බෝදිය මෙතන ගොඩක් හාස්කම් තියෙනවා කියනවා. ඉස්සර මෙතන ගණ දෙවි පිලිමක් එක්ක බෝදියක් විතරයි තිබුනේ. එත් කාලයත් එක්ක මෙතන ගොඩක් දියුණු උනා. මෙතන කතරගම දෙවියන්ගේ මායිම කියලත් කියනවා. මෙතන හම්බ වෙන්නේ බණ්ඩාරවෙල ඉදන් එනකොට.


                                                    කන්ද උඩට ගම පෙන විදිහ 

අබදන්ඩේගම   ඇවිල්ල කළු වලට යන්න පාරවල් මන් දන්නා තරමින් දෙකක් තියෙනවා. එකක් සුද්දගේ ඉඩම මැදින් එන එක. පැත්තේ ගොඩක් විශාල ඉඩම් අයිති විදේශිකයන්ට. අබදන්ඩේගම කියන්නේ උදා ගම්මානයක් කියන්නේ 1985 විතර හදපු  ගමක්.  අනිත් පාර හෝටලය ලගින් එන එක. ගමේ ඉන්න ඕනෑම කෙනෙක්ගෙන් ඔය පාරවල් දෙක ගැන ඇහුවොත් එයාල පාරවල් දෙක පෙන්නාවි. සුද්දගේ ඉඩම මැදින් යනවා නම් කුබුරු මැදින් යන්නත් පුළුවන්. කවදාවත් එළවලු කොටු මැදින් ගිහින් නැත්තන් ඔයලට එක අලුත් අත්දැකීමක් වේවි. හෝටලය ලගින් බහිනවා නම් කැලයක් මැදින් යන්න තියෙන්නේ. කැලයක් මැදින් පුංචි අඩි පාරක් දිගේ කන්දක් බැහැගෙන යන්න තියෙන්නේ. තමන්ගේ කැමැත්ත අනුව තමන් යන පාර තෝරාගන්න. ඔය අඩි පාරවල් දිගේ ගියාම කලුවලට යන්න පුළුවන්.

ඔතන නා ගන්න සුපිරිම තැනක්. වතුර හරිම සීතලයි.කිසිම බාහිර සද්දයක් නැති තැනක් නිසා හරිම නිදහස්. ඇහුනත් ඇහෙන්නේ කුරුල්ලෙක්ගේ සද්දෙයි වතුර ගලන සද්දෙයි විතරයි. රාවන දිය ඇල්ල වතුර යන්නත් ඔතනින්ම තමයි. හැබැයි ඔතන නාන එක ගොඩක් බයානකයි. හේතුව ඔතන වලේ ගැබුර අඩි 18 විතරලු. ඉතින් හොදට පීනන්න පුළුවන් කෙනෙක් හැරුනම අනිත් අය ඔතන පීනන්න යන්නේ නැති නම් තමයි හොද. ඔතන කිහිප දෙනෙක් මැරිලත් තියෙනවලු. කට්ටිය රෑට ඔතන කැම්ප් පවා ගහනවා. එහෙම ආතල් එකක් අරන් රැයක් ගත කරන්නත් ඔතන සුපිරි තැනක්. එත් ඉතින් සමහරක් ඔතන විනාශ කරනවා. බෝතල් කුඩු කරනවා, පොලිතින් ඔය වගේ දේවල් වලින්  එතන  විනාශ කරනවා. වගේ දේවල් වලට ගමේ අය හරිම විරුද්දයි.



                                                                     කළු වල 

ඔතනින් එහා විස්තරය ඊලග පොස්ට් එකෙන් ලියන්නම්. ඔයාලා ඔහේ යනවා නම් නතර වෙන්න තැන ඕනි තරම් තියෙනවා. එත් ගමට ලගින් තියෙන තැන් වල නම් ටිකක් වියදම වැඩි. ගම ලගින් නැතුව වෙන තැනකින් නතර වෙන්න තැනක් හොයනවා නම් සාමානය මුදලකට නතර වෙන්න තැනක් හොයාගන්නත් පුළුවන්. එහෙම විස්තරයක් ඕනි නම් උදව්වක් උනත් කරන්න බැරි කමක් නැහැ. ඊලග පොස්ට් එකෙන් නැවත හමු වෙමු.  එතකන් ඔබටත් මටත් ජය.

සලිත
2020-05-28
පෙ 7 00

4 comments:

  1. උඹේ පොස්ට් එක මාව පිස්සු වැට්ටුවා මල්ලි.. හීල්ඔය අපේ තාත්තගේ ගම.. මකුල්ඇල්ලේ නෑයෝත් ඉන්නවා.. ඒ උනාට සැහෙන කාලෙකින් අද තමයි ඒ පැත්තේ ගියේ ගුගල් මැප් වලට පින් සිද්ද වෙන්න.. යන්න හිතාගෙනම ඉන්න ලිස්ට් එකට ඔන්න තව තැනක් එකතු උනා..

    ReplyDelete
    Replies
    1. තව කොටසක් දානවා ඔය ගමන ගැන ඒවා හැංගිලා තියෙන ලස්සන තැන්

      Delete