මම යන එන තැන්

Tuesday, September 22, 2020

වැඩපලේ චාරිකා 1

 


දැන් දැන් අපේ උන් ජොබ් හොයන ගමන්. ටිකකට ජොබ් සෙට් උනා. එත් තවමත් බහුතරයකට ජොබ් නැ. ගොඩක් උන් ඉන්ටර්විව් වල වාත වෙනවා. ඉන්ටවිව් කරන සමහර උන්ට තියෙන්නේ ෆැරඩේ ටවත් තිබුනේ නැති ප්රශ්න. කට්ට කාගෙන බස් වල ඇවිල්ල වෙලාවට ඉන්ටවිව් ගියාමත් සමහරු අහන්නේ විභාගේ අහන්න ඕනි ප්රශ්න, ජොබට ගිහින් කරන්න තියෙන්නේ  word, excel. එක්කෝ මට අවුල් නැත්තන් උන්ට අවුල්. කොහොමින් කොහොම හරි මටත් ජොබක් සෙට් උනා.  සම වයස් වල අය එක්ක වැඩ කරන්න ලැබුණු එකත් ලොකු වාසනාවක්. වැඩට ඇවිත් මාසයක් නැහැ ඉන්න තැනින් ට්රිප් එකක් යන්න කතා උනා.

 

අදහස දැම්මේ තරංග අයියා. අයියා කිව්වට බොස්. මේ වගේ බොස් කෙනෙක් නම් අපේ කාටවත් ලැබිල නැතිව ඇති. හැම වෙලේම ෆුල්ම ආතල් එකේ ඉන්න බොස් කෙනෙක් අපිට ඉන්නේ. මල්ලි මරු පොට් එකක් තියෙනවා බන් ගම්පොල අපි යමු. ගම්පොල නුවර එලිය, නුවර ,අම්බුළුවාව , පේරාදෙණිය මල් වත්ත  එකී මෙකි නොකී නුවර තදාසන්නයේ  පිහිටි සියලුම ස්ථාන බලන්න යන්න මුලින් කතිකා කර ගත්තා. කොටින්ම මම යන්න එන්න තියෙන තැන්  ගැන පවා හොයලා බැලුවා. ට්රිප් එක යන්න දවස් ලං වෙනකොට  එකින් එක කැපිල ගිහින් ඉතිරි උනේ මාලිගාවයි හොටෙල් එකී විතරයි. ගමනේ සියලු සංවිදාන කටයුතු කරේ බිනර. බිනර  කියන්නේ අපේ ඉන්න සල්ලිකාරයා. බිනරගේ  ඇදුම් පැළදුම්, ඔරලෝසු ඕව මේවා ගත්තම නිකන්ම ලක්ෂ පහක් හයක් ඇවිදින්. කොටින්ම කිව්වොත් MD ටත් වඩා හොද වාහනයක පොර එන්නේ.

 

සංවිදාන කටයුතු හොදින්ම උනා. ෆස්ට් සැලරි පාටි කියල එකක් හැම තැනම මන් දන්නා විදිහට තියෙනවා. නිසා බියර් වල බර පැන දරන්න උනේ මට. ගමන යන වාහනය තෝරා ගන්න එක තමයි ඊළගට තිබුණු ප්රශ්නය.   කතිකා උනේ වැන් එකක යන්න. කට්ටියගේ සැලැස්ම ගමන ආරම්බයේ ඉදන් පාවෙන්න. ටික දවසක් යනකොට වැන් එකේ අදහසත් යට ගිහින් තම තමන්ගේ වාහන වල යන්නම කතිකා කර ගත්තා. කොටින්ම කිව්වොත් වැන් එකට වියදම් වෙන සල්ලි ඉතුරු කර ගන්න බැලුවේ. පඩි මදිකම නිසා එහෙම කරා නෙවෙයි සල්ලි ඉතිරි කරන එක හොද  දෙයක් නිසා එහෙම කරේ.  ගමන සැලසුම් කරේ මාසේ මුල් සතියේ. අපිට පඩි හම්බ වෙන්නේ මුල් සතියේ. සල්ලි එකතු කර ගන්න ලේසි නිසා ගමනත් මුල් සතියටම යොදා ගත්තා. මුල් සතියෙම ගමන ගිහින් වියදම් කරපුවගේ අනිටු පල විපාක වලට කට්ටිය දැන් දැන්  මුහුණ දෙනවා.

 

ට්රිප් එක යන දවසටම වගේ දානයක් යෙදුනේ අවිශ්ක. අවිශ්ක කියන්නේ කාලෙකට ක්රිස්තියානි කාලෙකට බුදු දහම එහෙම එහෙම වෙනස් වෙන පොරක්. දානේ නිසා ගමන එන්නෙම නැතිව ඉන්න තැනට පොර ඇවිත් හිටියේ. බලන් යනකොට දානේ දෙන්න තිබුනේ පන්සලේ හාමුදුරුවෝ දෙනමකට. දානේ දවසට උදෙන්ම  නුවරින් පිටත් වෙන බවට දැඩි කොන්දේසි මත පොරත් ගමනට එකතු උනා.  ගමන ඔන්න මෙන්න තියල මහිතත් ගමනට එන්න අදි මදි කරා. එහෙම වෙනස් වීම් එතකොට කෙලවෙන්නේ සල්ලි එකතු කරපු පොරට. නිසාමද කොහෙද බිනර ගහපු තෙලින් මහිතත් ගමනට එකතු උනා. අසිත  අයියත් ගමනට එන්න අදි මදි කරා. හේතුව wife ගේ ප්රශ්නයක්. කොහොමහරි එකත් ගොඩ දාගෙන ගමන එන්න අසිත   අයියත් එකග උනා. අපිට මිස් උනේ පොඩි සෙට් එක. සල්ලි අවුල් නිසා පොඩි සෙට් එක වැඩේට සෙට් උනේ නැහැ.

 

මල්ලි බඩු අරන් එක අවුල් නේද හැමතැනම අල්ලනවා. නිසා ඕනි නැහැ. අහු උනත් අවුලක් නැහැ ඊට පස්සේ කට්ටියට මුහුණ දෙන්න බැරුව යනවා. කතාවෙන් කතාව මටත් වැඩේ මීටර් උනා.  මන් හිතුවේ කැම්පස් එකෙන් පස්සේ ආයේ   වගේ  මතක ඉවර වෙයි කියලා. එත් එක එහෙම උනේ  නැහැ.

 

සැදැහැවතුන් නුවර යන්න සියලු කටයුතු සුදානම්. ඉතිරි කොටස නිවාඩුවක් ලැබුණු විගස ලියන්නම්. එතෙක් ඔබටත් මටත් ජය වේවා.

 

. ලි

 

මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිත වේ.

 

සලිත.

2020.09.17.

11 33.


No comments:

Post a Comment