රටම තවමත් කොරෝනා බියෙන්. ඉක්මනින්ම රට සුවපත් වේවා. අද ටිකක් අමුතු කතාවක් කොටන්න බැලුවේ. චිත්‍ර, චිත්‍ර කිව්වම ඔය කොයි කවුරුත් කැමති විෂයක්. කැමැත්තයි දක්ෂතාවයි කියන්නේ දෙකක්. මට හිතෙන විදිහට අපේ රටේ අයට චිත්‍ර පිළිබද හැකියාව එන්නේ ජාන වලින්ම. ඉස්කෝලයක මේස පුටු ඔක්කොමගේම වගේ එක එක බලි රටා අදින එක අපේ පුරුද්දක් ඒ විතරක් නෙවෙයි පොදු වැසිකිලිය ඔය වගේ තැන වල උනත් අපේ උන් මොනා හරි බලි අදිනවා ඒ කියන්නේ අපේ ජාන වලම ඔය චිත්‍ර අදින කෙස් එක තියෙනවා වෙන්න ඕනි. ඒ අදින ස්ථාන ගැන වෙනමම විවේචනයක් තිබුනත් සමස්තයක් වශයෙන් ගත්තම ඔය හැකියාව අපේ උන්ට තියෙනවා. පහු ගිය කාලේ රට පුරාම තියෙන හැම බැම්මකම වගේ රැල්ලට චිත්‍ර ඇන්දෙත් ඒ නිසා වෙන්න ඕනි. ඒ ඇම්ම ගැම්ම තීන්ත ගන්න අතේ සල්ලි නැති උනාම ඉවර උනා වෙන්න ඕනි. ඔය ඇදපු චිත්‍ර වලින් දියතලාව හපුතලේ පාරේ යනකොට කන්ද එක්කම තියෙන චිත්‍ර සෙට් එක නම් සුපිරි.
මිනිස්සු චිත්‍ර අදින්න ගත්තේ ගල් යුගයේ ඉදන්. එක එක යුගයන් ගැන ඉගෙන ගත්තට ඇත්තෙන්ම ඒවා තිබුනද නැද්ද කියන එකත් හොයල බලන්න ඕනි ප්රශ්නයක්. මම අහල තියෙන පරණම චිත්‍ර ලංකාවේ තියෙන්නේ කුරුල්ලන්ගල. කුරුල්ලන්ගල තියෙන්නේ ඔය නිල් දිය පොකුණ තියෙන පැත්තෙමයි. නිල් දිය පොකුණට යන්න ආසාවක් තිබුනත් තවම එක කරගන්නත් බැරි උනා. එතනට යන්නත් පොඩි කට්ටක් කන්න ඕනි. කට්ටියගේ කතාවේ හැටියට් ඒ සිතුවම් අවුරුදු 5000 කට වඩා පරණයි. රාවනා යුගයේ කියලත් කියනවා. එත් ඒ සිතුවම් වලට තවම කිසිම වටිනමකමක් ලැබිල නැහැ. අඩුම තරමින් හරි හමන් සංරක්ෂනයක්වත්. ඒ සිතුවම් මේ තරම් කාලයක් නොනැසී පවතින්න ඒවාට යොදා ගත්තු අමුදව්‍ය වගේ දේවල් ගෙන හරියට හොයල බැලුවොත් ඒවගෙන් වාසියක් උනත් සෙට් වෙන්න බැරි කමක් නැහැ. හරියට හෙව්වොත් අලුතින් ඉස්කෝලේ යන උන්ට තවත් පාඩමක් දෙකක් අච්චු පොතට දා ගන්න බැරි වෙන එකකුත් නැහැ.
චිත්‍ර පෙන්නලා අපි වැඩිම හම්බ කරන්නේ සීගිරියෙන් වෙන්න ඕනි. කතාවේ හැටියට සීගිරියේ ගල පුරාවටම චිත්‍ර තිබුනලු. ඒ කාලේ සුද්දේකට තිබුණු අමාරුවකට ඒ ඔක්කොම ගිනි තියලලු. එකෙන් ඉතිරි උණු චිත්‍ර කිහිපයක්ලු දැන් තියෙන්නේ. සුද්දෝන්ටත් පුදුම විදියේ පු#$% අමාරු තිබිලා තියෙන්නේ. හෝර්ටන් තැන්නේ අලිත් හිටියලු උන් වද වෙලා ගියෙත් සුද්දෝ වෙඩි තියලලු. අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය මහනුවර යුගය ඔය යුගයන් වලත් ආගමික ස්ථාන මුල් කරගත් චිත්‍ර කලාවක් වෙනමම තියෙනවා. ඉතිහාසය ගත්තම මට තේරෙන විදිහට චිත්‍ර කලාව ආගමට බරව පැවතුනු එකක්. වෙන ඒවා තිබිල විනාශ උනාද කියන්න මම දන්නේ නැහැ. එකෙන් පෙනීයන්නේ ඉස්සර හිටපු බහුතරයක් ආගමට දහමට ලැදිව ඉන්න ඇති. අපි සුද්දෝ එක්ක ගත්තම ඔන්න ඔතනදි පොඩ්ඩක් වෙනස් වෙනවා. සුද්දෝ ආගමික දේවල් හැරෙන්න වෙනත් දේවලුත් සිතුවම් කරලා තියෙනවා. සත්තු ගස් වැල් කදු දිය ඇලි ඔය වගේ දේවලුත් උන් සිතුවම් කරලා තියෙනවා. අවසන් බෝජන සංග්රහය, මොනාලිසා සුද්දෝන්ගේ තියෙන මම දන්න ලොකුම චිත්‍ර. අවුරුදු 200 ඉදන් විතර අපිත් උන්ගේ සංස්කෘතිය පස්සේ යන නිසා දැන් දැන් අපේ උනුත් ඒ පැත්තට බර චිත්‍ර අදිනවා. චිත්‍ර ප්‍රදර්ශයක් ගත්තත් ඒවගෙත් ගොඩක්ම තියෙන්නේ ඒ පැත්තට බර චිත්‍ර.
චිත්‍ර ගත්තම වර්තමාන ලෝකයේ විවිද ඇදීම් තියෙනවා. සම්ප්රදායිකව ඇදපු චිත්‍ර වලින් ටිකක් එපිටට ගිහින් දැන් ඉන්ජෙනේරු ඇදීම පවා තියෙනවා. ලොකු ලොකු බිල්ඩින් වගේ ලොකු පරිමාණයේ ඇදීම් ඉදන් මේ වෙනකොට ඉතා කුඩා ජීවීන්ගේ පවා ඇදීම් මේ වෙනකොට ලෝකයේ සිදු කරනවා. ඒවාට තියෙන ඉල්ලුමත් ඉතා ඉහලයි. මන් හිතන විදිහට නම් මේවා පිළිබද දැනුම අපිට අවුරුදු 2000 කට කලිමුත් තිබුනා. ලොකු ලොකු දාගැබ් වෙහෙර විහාර ලෝවාමහාපාය වගේ දැවැන්ත ඉදිකිරීම් ඉබේ පහල උන දේවල් වෙන්න බැහැ. town and country planing එහෙමත් දැන් අපිට බටහිරින් ඉගෙන ගත්තට ඒ දේවලුත් අපේ සංකෘතියේ තියෙන්න ඇති. අපේ අවාසනාවකට ඒ දේවල් ඔක්කොම වගේ දැන් අපෙන් මග හැරිලා ගිහින්.
කතාවෙන් කතාව ගත්තම අපේ උන්ට හොද චිත්‍ර හැකියාවක් තිබිල තියෙනවා. දැන් කතාව ටිකක් වෙනස් කරමුකෝ. එත් ඉතින් මට නම් චිත්‍ර පිලිබට කිසිම හැකියාවක් නැහැ. චුට්ටිම හැකියාවක් මට නැහැ. අපිට 10 වසරේ ඉන්නකොට එක එක ආවර්තිතා වගුවේ 1 සිට 20 දක්වා මුලද්ව්‍ය වල ඉලෙක්ට්රොන පිරෙන විදිහ අදින්න දුන්නා. මන් ඇදපු විදිහට එක නවතම නිපැයුමක් බවත් එම ක්රමය සලිත මෙතඩ් කියලා නම් කරන්නත් ඒ කාලේ විද්යාව සර් අමතක කරේ නැහැ. ඒ තරමට මගේ චිත්‍ර හැකියාව පිහිටලා තිබුනා. මන් පුංචි කාලේ හැම දාම ඇන්දෙත් එකේම චිත්රය. කදු පන්තියයි එකට උඩින් එන ඉරයි කන්ද මැදින් ගාලගෙන එන ගගයි එක ගහයි එක ගෙයයි. මගේ වගේම ගොඩක් උන්ගේ පුංචි කාලේ චිත්රේ ඕක වෙන්න ඇති. එත් රුපයක් මතක තියා ගන්න ගොඩක් ලේසි කියල මම අහල තියෙනවා. ඇත හදා බලලත් තියෙනවා. කතාවේ යම්කිසි සර්තකත්වයකුත් නැතුවාම නොවේ. ඒ පිළිබද වැඩි විස්තරයක් පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න.
link- http://swanthought.blogspot.com/2020/05/mind-mapping.html
හැබැයි කැම්පස් එක කියන්නෙත් සුපිරි පොට් එකක්. ඇතුලේ ඉන්නකොට ඕනි ගේමක් ගහ ගන්න ඕනි තරම් හැකියාවල් තියෙන උන් හිටියා. සින්දු කියන්න නටන්න ගයන්න වාදනය චිත්‍ර අදින්න ෆොනේ වැඩ කොම්පුටර් වැඩ ඔය ඕනි එකක් ඇතුලේ ඉද්දි ගොඩ දාන්න පුළුවන් සෙට් එකක් හිටියා. අපේ බැජ් එකෙත් සුපිරි චිත්‍ර සෙට් එකක් හිටියා. උන්ට කියල ගොඩක් උන් චිත්‍ර ඇද ගත්තා. එත් එකෙන් එලියට ආවට පස්සේ එහෙම උන් හම්බ උනේ නැතිම තරම්. එත් ජොබ් එකට ආවම ඒ වගේ හැකියාවන් තියෙන කුලියාපිටියේ ඉන්න එල කොල්ලෙක් සෙට් උනා. පොරත් හොදට චිත්‍ර අදිනවා හොටෙල් වලට පවා චිත්‍ර අදිනවා. පොර ටිකක් අපේ චිත්‍ර ඇදපු උන්ගෙන් ටිකක් වෙනස් වෙනවා. සමහර චිත්‍ර අදින උන්ට අදින්න පුළුවන් එක පැත්තකට බර උන චිත්‍ර විතරයි. සමහරුන්ට පරිසරය නම් පරිසරයේ දේවල් විතරයි අදින්න පුළුවන්, සමහරුන්ට බලාගෙන විතරයි අදින්න පුලුවන් එත් මේ කොල්ලා මල්ටි ටැලන්ටඩ්. පොර ඇදපු චිත්‍ර දෙක තුනකුත් පහලින් මන් දාන්නම්. ඔය මේක කියවන උන්ටත් පොරට කියල මොකක් හරි ඇදගන්න තියෙනවා නම් මුහුණු පොතේ සිත්තරා කියලා page එකක් තියෙනවා එක හරහා පොරව සම්බන්ද කර ගන්න. ඊට අමතරව පොර අලුත් පන්නයේ මල් පොච්චිත් හදනවලු. ඕනි කෙනෙක් ඉන්නවා නම් සලකා බලන්න.
මේ තියෙන්නේ උගේ මුහුණු පොතේ page එක.
මේ පොස්ට් එක නම් නිශ්චිත අරමුණක් නැතිව ලියපු එකක් හැබැයි පොඩි විශේෂයකුත් නැතුවාම නොවේ මේ පොස්ට් එකත් එක්ක මගේ පොස්ට් 50 කුත් ඉක්මවලා. මේ වෙනකොට බ්ලොග් එක අවුරුදු හතරක් විතර ඇදගෙන ආවා. සමස්ත නැරබුම් වාර 17 800 මේ වෙනකොට මගේ බොල්ග් එකට ලැබිලා. ආසන්න වශයෙන් ගත්තම එක පොස්ට් එකක් 356 දෙනෙක් කියවලා. ගණන පොඩි උනත් මට එක ලොකු දෙයක් හැබැයි අවුරුදු හතරටම පොස්ට් 50 යි. කම්මැලිකම නිසාම ලිව්වේ හරිම හෙමින්. එත් ලියන එක නතර කරේ නම් නැහැ. ඉස්සරහදිත් දිගටම ලියන්නම්. මේකට නම දැම්මෙත් මනෝ විකාරෙන්. හරි හමන් නමක් තිබුනේ නැහැ. කතාවෙන් කතාව මුල ඉදන් මගේ බ්ලොග් එක කියවපු නොකියපු දිරි දුන් නොදුන් සියලු දෙනාට මගේ හද පිරි මෙව්වා එක. විශේෂයෙන් අපුරු මල් කිවිදිය විශයෙන් මෙහෙදී මතක් කරන්න ඕනි. මගේ ගොඩක් අඩුපාඩු හදාගෙන මේ තත්වෙට එන්න ගොඩක් උදව් කරේ එයා. එයාට අමතරව සසියාවත් මතක් කරන්න ඕනි. එයත් මට ලොකු සප් එකක් දුන්නා. ඉදිරියේදී මගේම පොඩි පොතකුත් ගහන්න හිතන් ඉන්නවා. වෙලාවක් ආපුවම බලමුකෝ. එතෙක් ඔබටත් මටත් ජය වේවා.
සලිත
25.10.2020
පෙ ව 10 24
සලිත මලේ...
ReplyDelete50 - 500 බවට ඉක්මණින්ම පත් වේවා!
මම දිගටම එනව කියවන්න.
බොහොම තුති
Deleteසුභ පැතුම්
ReplyDeleteබොහොම තුති
Deleteමෙන්න වැඩක් පටන් ගත්ත. බ්ලොග් තරගයක් ම නෙමේ. මගේ කතාව ලියාගෙන යන්න කට්ටියම. 1, 2, 3, 4, වශයෙන්. තමන් දාන්න මාතෘකාව.
ReplyDeleteබ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක් - 1
https://kolambagamaya.blogspot.com/2020/11/1.html
මමත් ලියන්නම්
Deleteඅපි තොපි කිව්වට කම් නැහැ
ReplyDeleteවගකීමෙන් ගැලවෙනු බැහැ
ලියන්නො කම්මැලිවී බැහැ
හතරට පනහක් වැඩි නැහැ!
දිගටම ලියනවා කවියට බොහොම තුති
Deleteකිවිදියක් ය කියූ නිසා කවි ලියන්න හිතුවා
ReplyDeleteලියා ගන්න බැරුව ගියා රස කර පද ගලපා
උඹ ලියනා කතා අගෙයි කියවන්න ට එනවා
පිස්සු නැතිව ගොඩක් කතා තව ලියහන් සලියා
දිගටම ලියනවා අක්කා ජය වෙවා
Delete