උමා ඔය බහු කාර්ය වියකෘතිය මුල් වශයෙන් ආරම්බ කරේ 2008 දී. මෙම සංවර්දන වැඩ සටහන ගැන මුලික හැදින්වීමක් කරන එක වඩාත් හොද යයි සිතමි. මෙම වැඩසටහනේ මුලික අරමුණු දෙකක් තිබුනා. එකක් කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම. ඊලග එක විදුලිය නිපදවීම. අන්තර්ජාලයේ සදහන් පරිදි එයින් හෙක්ටයාර 5000 ක වගා බිම් වලට වතුර දෙනවලු. ඊට අමතරව විදුලි බල පද්දතියට 120 MW ක විදුලි බලයක් එකතු කරන්නත් මෙම වැඩ සටහන හරහා පුළුවන්. වැලිමඩ නගරයෙන් ගලා බසින උමා ඔය හරස් කරලා වේල්ලක් බැදලා එකතු වෙන වතුර 20KM දිග උමගක් හරහා විදුලිය නිපදවන බලාගාරයට බලාගාරයට අරගෙන ඇවිත් විදුලිය නිපදවා අවසන් උණු පසු ඒ වතුර යොදාගෙන මොනරාගල සහ හම්බන්තොට දිස්ත්රික්ක වල වගා බිම් වලට වතුර සැපයීම මෙම වැඩ සටහනේ මුලික අරමුණු උනා. වැලිමඩ නගරයේ පුහුල්පොල සහ ඩයරබා ප්රදේශ වල මේ වෙනකොටත් dam හදල ඉවරයි. ඇත්තෙන්ම මහවැලි වියකෘතියට පස්සේ ලංකාවේ කරන දෙවැනි ලොකුම වාරිමාර්ග කටයුත්ත මේක වෙන්න ඕනි. මොරගහකන්ද වියකෘතිය මීට වඩා ලොකු එකක් කියලා මට හිතෙනවා. ඇත්තෙන්ම ඉතාම හොද අදහස් ඇතිව ආරම්බ කරපු වියකෘතියක්. 85% වියදම් ඉරාන ආධාර යටතේත් ඉතිරි වියදම් ශ්රී ලංකා ආණ්ඩුව විසින් මෙම වියකෘතියට වෙන් උනා.
වැලිමඩ තියෙන්නේ කන්දක් උඩ. වැල්ලවාය තියෙන්නේ කන්ද පහල. කන්ද උඩ තියෙන වතුර කන්ද පහලට අරගෙන එන්න කන්ද හරහා උමගක් කපන්න වියකෘතියෙන් යෝජනා කරලා තිබුනා. උමගේ කෙළවරවල් තුනක් තිබුනා. එකක් පුහුල්පොල අනික ඩයරබා වල උමගේ අනිත් කෙලවර වැල්ලවායේ. ඩයරබා වලින් පටන් ගන්න උමග මගදී පුහුල්පොලින් පටන් ගන්න උමගත් එක්ක එකතු වෙලා වැල්ලවාය දක්වා පොලොව හරහා ගමන් කරනවා. මෙම සම්පුර්ණ උමන් පද්දතියේ දිග කිලෝමීටර් 25 යි. මෙම දිග සම්බන්දව නම් හරිහැටි අවබෝදයක් මට නැහැ. අන්තර්ජාලය ඇසුරින් ගත්ත තොරතුරු වල හැටියට ඒ උමග ඒ තරම් දිගයි. උමගේ කැනීම් මුලින්ම පටන් ගත්තේ පුහුල්පොල සහ ඩයරබා කියන ප්රදේශ වලින්. තුන් පැත්තෙන් හාරාගෙන ඇවිත් මැදදී උමන් තුනම එකට හම්බ වෙන විදිහට තමයි වියකෘතිය සැලසුම් වෙලා තිබුනේ. උමගේ විෂ්කම්බය මීටර 3.5 යි. කන්ද හරහා කපපු උමග සාමාන්‍ය පොලව මට්ටමින් ගොඩක් ගැබුරින් ගිය උමගක්. ඔය උමග නිසාම අපේ පැත්තේ ජිවත් වෙන අයට ලොකු පහරක් වැදුනා. උමග නිසා සිද්ද උන කරදර ගැන ලියන්න කලින් උමග හාරන්න කලින් අපේ පැත්ත තිබුණු විදිහ පොඩ්ඩක් කතා කරන්නම ඕනි. උමග ගැන දල සටහනක් පහලින් දාන්නම්.
වියකෘතිය පටන් ගන්න කලින් අපේ ප්රදේශයේ තිබ්බේ අමුතුම ජන ජීවිතයක්. ඒ කාලේ ගොඩක් අයගේ ජන ජීවිතය බැදිලා තිබුනේ ගොවිතැනත් එක්ක. කොහොමත් බණ්ඩාරවෙල කියන්නේ පින් බිමක් හදන ඕනි දෙයක් හැදෙනවා.ගොඩක් දුරට බෝංචි තක්කාලි අල ගෝවා ඔය කියපු නොකියපු සියලුම එළවලු අපේ කට්ටිය වගා කරා. වගාවෙන් කවදාවත් අපිට පාඩුවක් නම් උනේ නැහැ. උපරිම කුණු කොල්ලෙට දුන්නත් ගිය වියදම හරි කවර් වෙනවා. පාඩුවක් උන කාලයක් නම් මතකෙවත් නැති තරම්. අපි හැමදාම කෑවේ බිව්වේ අලුත්ම එළවලු ඒ වගේම අලුත්ම හාල්. වියලි කලාපේ වගේ නෙවෙයි අපේ පැත්තේ හදන වී වලින් ගන්න හාල් වල අමුතු කිරි රසයක් තිබුණා. ගොඩක් ගෙවල් වල වී අටුවකුත් තිබුනා. ගොයම් මඩවන එකත් ගොයම් කපන එකත් එක්ක බැදුණු අමුතුම සංස්කෘතියකුත් තිබුනා. හෙල්මළු ක්රමයට වගා කටයුතු කරන නිසා ගොයම් කරන එකේ ඉදන් ගොඩක් දේවල් කරන්නේ මිනිස් ශමයෙන්. අවුරුද්දට බය නැතිව කන්න තුනක් වැඩ කරන්න හැකියාවක් අපිට තිබුනා. කොරෝනා එකක් නෙවෙයි දාහක් ආවත් අපිට යහමින් කාල බීලා ඉන්න හැකියාවක් තිබුනා. ගෙදරට එන ඕනෑම පිට අයෙකුට මල්ලක් පිරෙන්න එළවලු දෙන එක අපේ පුරුද්දක්. 80%-90% දෙනා ගොවිතැන් කරන නිසා ඔය උස මිටි තැන් වල ඉන්න ගොඩක් අය මේ කෘෂිකාර්මික දිවියට කවදා හරි මුහුණ දුන්න අය.
බණ්ඩාරවෙල කියන්නේ ගොඩක් වතුර උල්පත් තියෙන පැත්තක්. අපේ ගමෙත් ඕනි තරම් වතුර උල්පත් තිබුනා. කිරිදි ඔයේ එක ආරම්බක ස්ථානයක් අපේ ගම.රාවනා ඇල්ලත් පටන් ගන්නේ අපේ ගමෙන්. ළිදක ගැබුර උපරිම අඩි 15-20. ගොඩක් ලින් වල ගැබුර අඩි 12-15. කුඩා දිය ඇලි කිහිපයක්ම අපේ ගමේ තිබුනා. ගෙවල් ලගින් ගලාගෙන යන පොඩි ඔයකුත් තිබුනා. වතුර යහමින් තිබුන හින්දා ගොවිතැන් කටයුතුත් ඉතා සාර්ථකව තිබුනා. හදපු හදපු දේවල් හොදින් හැදුනා. වතුර උල්පත් බහුල නිසාත් වගා කිරීමට සුදුසු තත්වයෙන් සියල්ල හැදිලා තිබුණු නිසාත් ගොඩක් ජනතාවගේ ජිවනෝපාය උනේ කෘෂිකර්මාන්තය. බහුතරයක් එළවලු වගාවටත් තවත් පිරිසක් මල් වගාවටත් හුරු වෙලා තිබුනා.
අපේ පැත්තේ මිනිස්සුත් සාපේක්ෂව අනිත් පැත්තේ අයට වඩා ගතිගුණ අතින් යහපත් මිනිස්සු. ඒ බව තේරුන් ගියේ කොලබ ආවාට පස්සේ. මොන වරදකටද දන්නේ නැහැ කොලබ ගොඩක් උන් දුවන්නේ සල්ලි පස්සේ විතරයි. ගොඩක් උන්ට මනුස්ස කමක් නම් ඇත්තෙම නැහැ. කැම්පස් ඉද්දි තව තව පළාත් වල ගෙවල් දොරවල් වලට යන්නත් හම්බ උනා. අතිශෝක්තියක් නෙවෙයි ගොඩක් පැති වලට සාපේෂව අපේ පැත්තේ ඉන්න උන්ට යහපත් ගති ගුණ තිබුනා. හැම දෙයක්ම බෙදා හදා ගෙන කාලා බීලා කාටත් කරදරයක් නැතිව සාමකාමිව අපේ මිනිස්සු ජීවත් උනා.බණ්ඩාරවෙල නගරයේ මම ජීවත් උන කාලය තුල මට මතක විදිහට සිදු උන උත්ගෝෂණ ගණන අතේ ඇගිලි ගණනටත් වඩා අඩු ඇති. පාතාල කල්ලි කුඩු බොන පොරවල් ඔය වගේ එවුන් හිටියෙම නැති තරම්. කනගාටුවට කරුණ දැන් නම් ඉතා අතලොස්සක් කුඩු බොන අය ඉන්නවලු. ප්රශ්න නැති මිනිස්සු කියලත් අපේ පැත්තේ මිනිස්සු ටිකක් ප්රසිද්දයි.
මෙහෙම කාටත් සාදරණව ජිවත් උණු මිනිස්සුන්ට එක පාරට ලොකු ප්රශ්න ගොඩකට මුහුණ දෙන්න උනා. තමන්ගේ ගෙදර වතුර බොන ලිඳ එක පාර හිදිලා ගියා. හදිසියකට මෝටර් දෙකක් දාලවත් ඉහලා ඉවර කරන්න බැරි ලින් අපේ පැත්තේ තිබුනේ. ඒවා එක පාරම හිදිලා ගියා. ඉබේ වතුර උනපු තැන් ඔක්කොම වගේ හිදිලා ගියා. ජල මුලාශ ඔක්කොම වගේ එක පාර හිදිලා ගියා. ජිවත් උන ගෙවල් වල ඉරි ගිහින් ජිවත් වෙන්න බැරි තරමටම විනාශ උනා. එක පාරට පොලව අඩි ගණන් ගිලා බැස්සා. පොළොවේ දිගට කිලෝමීටර් ගානක් පැලුම් ඇති උනා. දහස් ගානකට මේ තරමක් ලොකු විනාශයක් වෙන්න මාස දෙකක්වත් ගියේ නැහැ. උන දෙයක් හිතා ගන්නවත් මිනිස්සුන්ට බැරි උනා. මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැති උනා. මෙම විපත උනේ එක්කෙනෙක් දෙන්නෙක්ට නෙවෙයි. මුළු බණ්ඩාරවෙලින් 60%-70% වගේ මේ විනාශය සිද්ද උනා. මේ සියල්ලටම හේතුව අර උමග. ඉදිරි කොටස් වලින් මේ පිලිබදව තව දුරටත් ලියන්නම්.
අපිට සිදු උන වින්නැහිය දිගටම අකුරු කරන්න ඉන්නේ. ඉදිරි කොටසකින් හමු වෙමු.
සලිත
2020.11.05
ප ව 6.07
හොඳ ලිපියක්. මේක හරියටම දනන් හිටියේ තැනින් තැන කියෙව්වා විතරයි.
ReplyDeleteඉතිරි කොටසින් ඉතිරි විස්තරය
Delete//අපේ පැත්තේ මිනිස්සුත් සාපේක්ෂව අනිත් පැත්තේ අයට වඩා ගතිගුණ අතින් යහපත් මිනිස්සු.//
ReplyDeleteසිරා කතාව.
නුවර කට්ටියත් බොහෝ දුරට අපේ පැත්තෙ අය වගේ, හැබැයි ඒ අය පුදුම විදියට අහංකාරයි.
ඒක එහෙමයි
Deleteඋමා ඔය "ව්‍යාපෘතිය " සම්බන්ධ පෝස්ට් කිහිපයක් මමත් ලිව්වා කියවන්න. අපේ ගමත් බණ්ඩාරවෙලමනේ.. "උමා ඔය නිමනයෙන් කිරිඳිඔය නිම්නයට" කියලා පොස්ට් එකක් ලිව්වා ඒ දවස්වල
ReplyDelete