මම යන එන තැන්

Friday, November 20, 2020

මම සහ ඉංග්‍රීසි භාෂාව

 

අතීතය ගැන මනෝ පාරක් ගහගෙන ඉන්නකොට මට මේ සීන් ටික ඔටෝම ඔලුවට ආවා. ඉංගිරිසි. හේතුවක් ඇතිව හරි නැතිව හරි අපි පොඩි කාලේ ඉදන්ම අපේ අම්මලා තාත්තලා ගොඩක් ෆෝර්ස් කරේ කඩ්ඩ උගන්වන්න. කඩ්ඩට අමතරව විද්යාව සහ ගණිතය පැත්තටත් අපිව යොමු කරවන්න උදවියට උනන්දුව තිබ්බා. ඉංගිරිසි එක්ක බැදුණු මතක ගොඩක් තියෙනවා. මට පුංචිම කාලේ තිබුණු ලොකුම ආසාවක් තමයි ක්රිකට් ගහන එක. ගහන්න පුලුවන්ද බැරිද එක වෙනම කතාවක් එත් ආසාවක් තිබුනා. කොටින්ම කිව්වොත් අවුරුදු 5-6 ඉදන්ම චැනල් අයි එකේ ගියපු ක්රිකට් මැච් ඔක්කොම වගේ බැලුවා. මැච් එකේ අවුල්ම කොටස අවෝඩ් සෙරමනිය එක තිබ්බේ ෆුල් කඩ්ඩෙන්. උන් කඩ්ඩෙන් වනනවා කියන්න හැරෙන්න වෙන කිසිම දෙයක් මට තේරුනේ නැහැ. කඩ්ඩ ඉගෙන ගන්න මට මුලින්ම ෆෝර්ස් එක ආවේ එහෙම. එහෙම හිතාගෙන එක දෙක වසරේදීම කඩ්ඩ ගොඩ දා ගන්න කියලා මන් මුලින්ම පන්තියකට සෙට් උනා. පන්තියේ ටීචර්ට කිව්වෙත් "මට අර ක්රිකට් ගහන අය වගේ කතා කරන්න ඕනි". කාලේ අපි  ඔන්න ඔයා වගේ හොද ඉලක්කයක් තියාගෙන වැඩ කරපු මිනිස්සු. පස්සේ ඉතින් සෙනසුරු අපල, සිකුරු අපල, පාප මිත්ර ඇසුර වගේ හේතු බලපාපු නිසා අද මේ වගේ තත්වයක් ඇති උනා. ටික දවසක් පන්ති ගියත් පන්තිය මට ලොකුවට සෙට් උනෙත් නැහැ. කාලය ඔහොම ගිහින් තුන වසරදී හතර වසරදී වගේ අපිට කඩ්ඩ කරන්න අලුත් ටීචර් කෙනෙක් ආවා. එයා බෝඩ් එකේ ගහක් ඇදලා එක ගැන වාක් ලියන්න කිව්වා.මගේ ඉහ මොළ ආයේ රත් උනේ එදා. එක වැකියක් හරියට ලියන්න බැරි උනා. ඔන්න එදායින් පස්සේ ආයෙත් පන්තියට දැම්මා. පන්තියට තවත් කොල්ලෙක් එක්ක එහා ඉස්කෝලේ කෙල්ලෝ දෙන්නෙකුත් ආවා. පන්තියත් වැඩි කල් තිබුනේ නැහැ. පස්සේ කාලෙක පන්තියේ කෙල්ලෙක්ගේ නමකුත් මට පට බැදුනා. ඒවාට නම් සම්පුර්ණ වශයෙන් වග කියන්න ඕනි මගේ පාප මිතුරෝ.

 

ඊට පස්සේ අපේ නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ පන්තියට ගියා. එකේ මන් ගියේ මට වඩා අවුරුද්දක් වැඩි පන්තියට.එකෙත් ආයුෂ වැඩි කල් තිබුනේ නැහැ. හැබයි එකෙන් සෙට් උන කට්ටිය එක්ක තවමත් හිතවත්කම් තියෙනවා. ඉංග්රීසි කෙසේ වෙතත් පේර  කඩන එකත් වෙරළු  අහුලන එකත් පන්තියට ගිහින් හොදට ඉගෙන ගත්තා. 6 ඉදන් 11 වසර වෙනකම් මම ගියේ එකම ඉංග්රීසි පන්තියකට. එකේදිත් පොඩි පොඩි ආතල් සෙට් නොඋනාම නෙවෙයි.දවසක් පන්තිය ලග අලුත් ගොඩනැගිල්ලක් හදන තැනක වැලි ගොඩක් තිබ්බා. මගෙයි මගේ යාලුවා ඉබ්බගෙයි මල්ලවපොරපිටිය උනේ වැලි ගොඩ. දෙන්නා ආතල් එකේ පෙරලි පෙරලි උපරිම ෆන් එකක් ගත්තා. පන්තියට ගියාට පස්සේ ඉබ්බා දා ගෙන ඇග කසනවා. මගෙත් ලාවට ඇග කසන්න ගත්තා. ගත්තු ආතල් දෙගුණ තෙගුණ උනේ ඔය කසන කැසීම් අතරින් මැක්කෙක් දෙන්නෙක් අහු උනාම. අපේ මල්ලවපොර පිටිය බලු මැක්කුන්ගේ රජ දහනක්. ඉබ්බා ටිකක් හැම සුදු එකෙක් නිසාම උගේ මුළු ඇගේම රතු රතු ඩොට් ආවා. මගේ හමේ මහා ලොකු පාටක් නැති නිසා මැක්කෝ කාපු මාර්ක් නම් පෙනුනේ නැහැ. කාලේ අපි කොච්චර මෝඩයි කියනවා නම් දවසක් අපි අධි බල විදුලි රැහැනකුත් අල්ලන්න ගියා. මොකක් හරි වාසනාවකට දේවල් වලින් අපි ආරක්ෂා උනා.පන්තියේ එක දිගට හිටපු එකම එක ළමා වෙන්න ඇත්තේ මන්. යම් තරමක දැනුමක් එකෙන් මට හදා ගන්න පුළුවන් උනා. ඊට අමතරව පාසල් ගුරුවරුන්ගේමුත් යම් යම් කරුණු ටිකක් එකතු කර ගත්තා. එත් ඇත්තම කතාව මට වෙද්දීත් හරි හමන් දැනුමක් තිබ්බේ නැහැ.

 

  කාලේ  මන් කෝච්චියේ යන්න පට්ට ආසාවක් තිබ්බේ.ගමනත් ඉක්මනින් අනික කොච්චි ටිකට් එකත් බාගයක්ම වගේ අඩු නිසා මම ගොඩක් කොච්චි ගමනට ප්රිය කරා. කාලේ නම් කෝච්චියක වැඩ කරන්නත් පොඩි ආසාවක් තිබුනා. දැනට තියෙන සුදුසුකම් අනුවත් පැත්තට යන්නත් පුළුවන්.එත් ඉතින් එකට ඇමතියෙක් හොයා ගන්න එක තමයි අමාරු. මේක ඇමතියෙක් හෝ වෙන්න ඇමති කෙනෙක් කියවනවා නම් අනේ  කාරුණිකව සලකා බලන්න. අපේ පැත්තට නිතර නිතර සුද්දෝ එන නිසා කෝච්චිය පිරෙන්නම සුද්දෝ එනවා. උන් ගොඩක් වෙලාවට කෝච්ච්යේ දොරේ යන්නේ. ඉතින් ඊළගට කඩ්ඩ ඕනි උනේ එතැනදී.  "මයි ස්ටෂන් ඉස්" කියනකොටම උන් දොරෙන් ඉඩ දෙනවා. "වෙයාර් ආර් යු ෆ්රොම්" වගේ ලාවට මාත් ප්රශ්නයක් දෙකක් උන්ගෙන් අහනවා. එහෙම ටුට්ටක් ලාවට කයියක් දැම්මම සමහර උන් එක දිගට නොදන්නා දේවල් අහන්න ගන්නවා.  එතකොට පිහිට වෙන්නේ ටකස් ටකස් ටකස් ටකස් සද්දේ. කෝච්චි  වල කොහොමත් එහෙම සද්දයක් එන නිසා "අයි  කාන්ට් හියර් යු" කියල බේරෙනවා.

 

ඔය කාලෙන් පස්සේ ආවේ උසස්පෙළ කාලේ. උසස් පෙළ කාලේ නම් කඩ්ඩ ඇගේ ලාවටවත් වැටුනේ නැහැ. වැඩිපුරම කඩ්ඩ නිසා බැනුම් අහපු කාලේ එක කිව්වොත් නිවැරදි.  කඩ්ඩ උගන්වපු මිස් නම් ලොකු උනන්දුවක් උමවමනක් කැපවීමක් තිබුනත් අපිට ගැන හාන්කවිසියක උනන්දුවක් තිබ්බේ නැ. ඔය මොනවා උනත් යාන්තමින්  ඔය අරහෙන් මෙහෙන් එකතු කර ගත්තු කඩ්ඩ ලාවට ටිකක් මට වැදිලා තිබ්බා. උසස් පෙළ දෙවැනි පාරත් කරාට පස්සේ තමයි ආයෙත් ඉංග්රීසි ඉගෙන ගන්න ඕනි උනේ. කාලේ ලොකුවටම නැගල ගියේ සබරේ කැම්පස් එකේ තිබුන ඉංග්රීසි කොස් එක. එකට හේතුව එහෙන් දෙන ඩිප්ලෝමා එකෙන් එක සැරයක්  ගුරු පත්වීම් දුන්නා. නිසාම ලොකු ප්රසිද්දියක් එකට තිබුනා. බණ්ඩාරවෙලින් පබහින්නට බස් එකකුත් වෙනුවෙන්ම ගියා. කොහොමත් හැම පැත්තෙන්ම වගේ එතනට කට්ටිය ආවා. ඔක්කොම ළමයි 1000 ක් වගේ වගේ එතන කොස් එකට ආවා. ළමයි කිව්වට අවුරුදු 35,40 වගේ අයත් එතනට ආවා. එතන ඉගෙන ගන්න හොද පරිසරයක් තිබුනත් අපි එකට සම්බන්ද උනේ අල්ප වශයෙන්. සබරේ කැම්පස් එක තියෙන්නේ  සුපිරි පැත්තක තියෙන. නිසා බලන්න යන්න තැන් ගොඩක් ලගම තිබුනා. එකක්වත් ලැබුණු අවස්ථාවෙන් මිස් කරන්න ඕනි නැති නිසා යන්න පුළුවන් හැම තැනම එහෙ ඉද්දි ඇවිද්දා. කාලේ එහෙ හිටපු කපලුත් නොගිය තැනක් නැතුව ඇති. සුපිරි සෙට් එකක් මාත් එක්ක එහෙ ඉන්නකොට සෙට් වෙලා හිටියා. නිසා ආතල්  එක හොදටම ගත්තා. සෙට් එකෙන් 90% වගේ කැම්පස් ගියා. කොහොමහරි එකෙන් සහතිකයකුත් ගත්තා. එත් කඩ්ඩ වැඩේ හරියට ගොඩ දා ගන්න බැරි උනා.

 

ඔය කාලේ වෙද්දී මගේ හිතේ කෙල්ලෙක් ගැන තිබ්බා. කෙල්ල බණ්ඩාරවෙල වෙන කඩ්ඩ පන්තියකට යනවා කියල ආරංචියක් ආවා. හේතුව නිසාවෙන් මමත් පන්තියට සෙට් උනා. මුලික අරමුණ ඉගෙන ගැනීම නෙවෙයි කෙල්ලව දා ගැනීම. එත් වැඩි කල් යන කලින් කෙල්ලව වෙන කොල්ලෙක් දා ගත්තා. කොහොමින් කොහොම හරි එතැනදී ඉංග්රීසි වැඩේ අල්ලලා ගියා. නිසාම කෙල්ලව හම්බ උනේ නැතත් ඉංග්රීසි ගොඩ දා ගන්න පන්තියට දිගටම සෙට් උනා. එතන  හිටියේ ඔක්කොම වගේ කැම්පස් යන්න පුළුවන් උන්. නිසාම එතන ආතල් කෝටියක් තිබුනා. කාලයක් යනකොට අපි පන්ති ගියා නිවෙයි නිකන්ම පන්තියට ඇදුනා. මුලින් පන්තියේම කපල් හිටියේ නැති තරම්. එත් කාලයක් යනකොට කපල් දහයක් දොළහක් වගේ වැදුනා. ඇත්තෙන්ම කපල් අතර මමත් හිටියා.වේලි වේලි හිටපු මට කෙල්ලෙක් සෙට් උනේ පන්තියෙන්.  පන්තියට පින් සිද්ද වෙන්න තමයි මට සසියා සෙට් උනේ. එදා එහෙම නොඋනා නම් මන් තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන්න ඉඩ තිබ්බා. කතාවත් වෙලාවක ලියන්නකෝ .කපල් දොළහක් වගේ හිටියට දැන් නම් ඉතුරු වෙලා තියෙන්නේ දෙකක් තුනක් විතර. පන්තියේ ආතල් ගැන කලින් බ්ලොග් පොස්ට් කිහිපයකුත් ලියල ඇති. ඕනි කෙනෙක් ඉන්නවා නම් පහු ගිය පොස්ට් හොයල බලන්න.

 

පන්තියෙන් යම් තරමකට ඉංග්රීසි ගොඩ දා ගත්තු නිසා කැම්පස් එකේ වැඩේ ටිකක් ලේසි උනා කිව්වොත් නිවැරදි. කැම්පස් එකේ නම් ලොකුවට ඉංග්රීසි යෙදුනා. වචනයක්වත් බැරිව ආපු උනුත් කොහොමහරි වැඩේ ගොඩ දා ගත්තා. බාවිතය අඩු නිසා දැන් ආයෙත් කඩ්ඩ මිස් වෙන ගතියක් තියෙන්නේ. මගේ ඉංග්රීසි කතාව ඔන්න ඔහොමයි. ලියන්න දෙයක් හිත හිතා ඉන්නකොට ඉබේම මේ වගේ දෙයක් කොටන්න හිතුනා. විතක් ලැබුනම ආයෙත් ලියන්නම්කො. එතෙක් ඔබටත් මට ජය වේවා.

 

සලිත

7 50

2020.11.18

4 comments:

  1. කඩ්ඩ නැතිව දැන් මොකවත් බැරි හැඩනේ
    ගොබ්බයො වුණත් කඩුවෙනි ගොඩ යාගන්නේ
    උත්සහවන්තයා විතරයි ජය ගන්නේ
    'පකට පුඟුලෝ' වුව කඩුවෙනි වැඩ ගන්නේ!

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි

      Delete
    2. පකට පුගුලෝ හෙළුවෙන් වනත්...කියල වර්ගපූර්ණිකාවෙ ලියල තියෙනවා...

      Delete
  2. භාවිතාව කොහොම හරි පවත්වාගෙන යන්න, ඉංග්‍රීසි චිත්‍රපට, රේඩියෝ, පුවත්පත් කියවීම ආදියෙන්. ඒවායින් දන්න වචන ප්‍රමාණය සහ නිවැරදි ව්‍යාකරණ භාවිතාව හුරු වෙනවා. කතා කරන්න අවස්ථා ලැබෙන්නේ නැත්නම් තනියම දකින දකින දේවල් ගැන ඉංග්‍රීසියෙන් විස්තර විචාර කරන්න.

    ReplyDelete