මම යන එන තැන්

Friday, November 13, 2020

උමාඔය විපත 2

 

මුල් කොටසට 1


උමා ඔය විපත්තිය නිසාම ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුනා. සමහර ඒවා ගැන ලොකු අදහසක් නැහැ. එත් තර්කානුකුලව පිළිගන්න පුළුවන් ඒවා. මේ වගේ විනාශයක් වෙන්න හේතුවක් තියෙන්න ඕනි. දැන් ගැන ටිකක් කතා කරමු. පහලින්  දැක්වෙන රූපයේ  විදිහට උමග ගමන් කරේ කන්ද මැදින් වගේ. කදුකරයේ උල්පත් ගොඩක් තිබුනේ ඔය උමගට උඩින්. මිනිස්සු ගොඩක් ජල පරිබෝජනයට ගත්තේ ඔය උමගට උඩින් තිබුණු වතුර. උමගට උඩින් කිව්වට ඇත්තෙන්ම තිබුනේ බුගත ජලය. බුගත ජලය ගැනත් ටිකක් කතා කරන්න ඕනි.  බුගත ජලය තියෙන්නේ වැව් වගේලු. ඉන් සමහරක් ඉතා හෙමින් ගලාගෙන යන ජල මුලාශ වශයෙන් තියෙනවා. ඉතින් කොහෙන්ද පොළොවට වතුර. පොළොවට වතුර එන්නේ වැස්ස මගින්. වැස්සෙන් එන වතුර පොලොව උරා ගන්නවා. පොලොව ඇතුලට තියා ගන්න බැරි අමතර වතුර පොලොව මතුපිටට උල්පත් වශයෙන් පැනනගිනවා.  කුඩා උල්පත් වශයෙන් ආරම්බ වෙලා විශාල ගංගා බවට පත් වෙනවා. එහෙම ආපු වතුර වාෂ්ප වෙලා අහසට යනවා. ආයෙත් වලාකුළු හැදිලා වැස්ස මගින් ආයෙත් වතුර පොළොවට එනවා. ඕකට ජල චක්රය කියලත් කියනවා. ඕවත් එක්ක ගැටුණු විද්යාත්මක සංකල්ප ටිකක් තියෙනවා. ඒවා වෙනමම කතා කරන්න ඕනි සිද්දි. මිනිස්සු ලින් හාරලා එහෙමත් නැත්තන් නල ලින් ගහලා වතුර ගන්නේ බුගතව තැම්පත් වෙලා තියෙන වතුර මුලාශ වලින්. අපේ පැත්තට නිරායාසයෙන්ම හොද වැස්සක් ලැබුණු නිසා බුගත ජල මට්ටම ඉහල අගයක තිබුනා. හිරු එලිය වැඩිය සැර නැති නිසා පොළොවෙන් වතුර වාෂ්ප උන ප්රමාණය අඩු වීමත් බුගත ජල උල්පත් වැඩි වෙන්න හේතුවක්.   නිසා හැම තැනකම වගේ ජල උල්පත් පිහිටලා තිබුනා. තිබුණු උල්පත් ප්රමාණය මත අපි හිටියේ වැවක් උඩ වෙන්නත් පුළුවන්

 

                                        චිත්‍ර ඇදීමේ හැකියාව නම් බින්දුවයි.
 

 

උමග නිසා වතුර නැති උන විදිහ දැන් පැහැදිලි කරන්නම්. ඔය උමග හාරනකොට ඔය ඉහලින් පැහැදිලි කරපු වැව් වගේ තිබුණු බුගත ජල මුලාශ උමග යන මාර්ගය ඔස්සේත් වැටිලා තිබුනා. උමග හාරන් යනකොට වගේ හමු උන ජල මුලාශ වල වතුර උමග දිගේ එලියට ආවා. එක්කම උමග මට්ටමට ඉහලින් වැව් වගේ තිබුණු බුගත ජල මුලාශ වලින් පහලට වතුර කාන්දු වෙන්න ගත්තා.ඇති උන කාන්දුව නතර කරන්න ඉදිකිරීම් සමාගම උත්සහ කරත් එක කරගන්න බැරි උනා. මේ විදිහට  උමග මට්ටමේ ඉදන් ඉහලට තිබුණු හැම බුගත ජල මුලාශයක්ම වගේ  උමගට කාන්දු වෙන්න ගත්තා. එහෙම කාන්දු වෙනකොට පොළොව ඇතුලේ හිස් කුහර ඇති උනා. නිසාම පොලොව ඇතුලට පස් කදු කඩා වැටීම් සිද්ද උනා. නිසා පොලොව මට්ටමේ ඉරි තැලීම්, තැනින් තැන විශාල ගිලා බැසීම් සිද්ද උනා. සමහර ගෙවල් මැදින් වෙන් උනා. සම්පුර්න වශයෙන් කඩා වැටුණු ගෙවල් ගොඩක් තිබුනා. කොයි  වෙලාවේ ගෙදර කඩාගෙන වැටෙයිද කියන බය මිනිස්සු තුල තිබුනා. මුලින් තමන් වතුර බීපු ලිඳ නැති උනා. තව ටික දවසකින් දුක් මහන්සියෙන් හදා ගත්තු ගෙදරත් ඇස පනාපිටම විනාශ උනා. මෙම විනාශය ඇති උනේ ගෙවල් එකකට දෙකකට නෙවෙයි. ගෙවල් දහස් ගණනකට මේ විනාශය උනා. කුබුරු අක්කර ගානකට වතුර නැතිව ගියා.

 



මෙම විනාශය මුලින්ම සිද්ද වෙලා තිබුනේ පුහුල්පොල සහ ඩයරබා කියන ප්රදේශ වලට. එත් එකට විරුද්දව විශාල පිරිසක් නැගී හිටියේ නැහැ. එත් මේ කරදරය බණ්ඩාරවෙලට එනකොට විශාල මිනිස්සු ප්රමාණයකට කරදර උනා. ඉන්න ගෙදර නැතිව ගියා. සාදරනවා උපයා ගත්තු විදිහ නැති උනා. බොන්න වතුර ටික නැතිව ගියා. මේ අසාදරණයන් ඉවසා ගන්න බැරි නිසා ජනතාව ඉක්මනින්ම මේක විරුද්දව පෙළ ගැහුනා. සතියකට එක ගමක රැස්වීම් තුන හතරක් තිබ්බා. ගමේ හිටපු හැම  එකාම වගේ පාට පක්ෂ ආගම් බේද පැත්තකට දාල මේ වැඩේට විරුද්දව එකතු උනා. තැන් තැන් වල පෝස්ටර් ගැහුවා. මිනිස්සු ඉක්මනින් සංවිදානය උනා. පන්සල් වල හාමුදුරුවරු වෙනත් ආගමික නියෝජිතයින් ඇතුළු සෑම  සියුලු දෙනාම මේකට එකතු උනා. වියකෘතියට එරහි සටන පටන් ගත්තා. මුලින්ම පොඩි පොඩි දැනුවත් කිරීම් සිද්ද උනා. ඊට පස්සේ නගර ඔක්කොම ආවරණය වෙන විදිහට රථ පෙළපාලියක් ගියා. මිනිස්සු සියල්ල මේ පිලිබදව දැනුවත් කරන එක මුලික අරමුණ උනා. කියන්න ඕනි හැම තැනකටම කියන්න ඕනි හැම විදිහෙන්ම මේ උන විනාශය ගැන කිව්වා. කියල කියලා වැඩක් නැතිම තැන මිනිස්සු පාරට බහින්න තීරණය කරා. එතෙක් මෙතෙක් බණ්ඩාරවෙල සිද්ද උන විශාලතම උත්ගෝෂණය  මේ විදිහට බණ්ඩාරවෙල තිබ්බා. උත්ගොෂණයට lawyer ලා පවා සහය පල කරව්වා. දන්නා විදිහට දවසේ උසාවියේ වැඩ කටයුතුවත් උනේ නැහැ. පොලිසියෙන්ද ඔය කියපු නොකියපු හැම තැනකින්ම වගේ මිනිස්සුන්ගේ සාදාරන ඉල්ලීමට සහයෝගය ලැබුනා. ජනදිපතිත් කිව්වේ මමත් ඉන්නේ ජනතාව පැත්තේ කියලා. මිනිස්සුන්ගේ තිබුනේ පුදුම උද්යෝගයක්.

 

මෙච්චර කරදයක් වෙලා තියෙනකොටත් අපි වෙනුවෙන් අපිව නියෝජනය කරපු සහ අපි පත් කරපු එක සුනක පුතෙක්වත් මේ දිහා හැරිලාවත් බැලුවේ නැහැ. උන්ට එහෙම කියනවට වඩා කියන්න හොද විදිහක් මට නම් නැහැ. සෑම ජනතා අරගලයකදිම වගේ එත ඉන්නේ ජවිපෙ විතරයි. සටන ආරම්බයේදී නොවුනත් සටන යන අතරමැදදී මේකට සම්බන්ද වෙලා  ජවිපෙන් ඉතා විශාල සහයෝගයක් ලැබුනා. උත්ගොෂණ  සංවිදානය නීති සහය අතින් උන් මේ වියාපරයට ඉහටත් උඩින් සහය දුන්නා. උන් මේ වෙනුවෙන් කැප උනා. දේශපාලනයෙන් කියලා යම් සහයක් ලැබුනේ උන්ගෙන් විතරයි. එක අගේ කරන්න ඕනි. අදිකරණයෙන් වින්දිතයන්ට වන්දි දෙන තැන දක්වා මේ සටන ඇදගෙන යන්න පුළුවන් උනා. එත් ටික දවසක් යනකොට ඒක අපේ සටනක් උනේ නැහැ. කොහෙවත් ඉන්න නළුවොත් සටනේ සාමාජිකයෝ උනා. කොලබ හිටපු උනුත් මේකේ සාමාජිකයෝ උනා. හැම තැනකම කතා කරන්න ගියේ වින්දිතයන් නෙවෙයි කොහෙවත් හිටපු සෙට් එකක්. ඉඩම් විනාශ උන ගෙවල් නැති වෙලා ගිය එක මිනිහෙක්ගේ කට හඩක් ඉස්මතු උනේ නැහැ. ඔය වගේ හේතුන් නිසා සටන දියාරු වෙලා ගියා. ඔය එක්කම රටේ ඉතාම නරක කාලයක් උදා උනා. කිව්වේ ආයෙත් චන්දයක් ආවා. පාර්ලිමේන්තු මැතිවරණයක් ආවා. නිසා එකමුතුව සමගිව හිටපු එකා දෙන්නා වෙන් වෙන්න ගත්තා.හොදටම කෙල වෙලා ඉන්නකොට හැරිලාවත් බැලුවේ නැති උන් පස්සේ මිනිස්සු යන්න ගත්තා. ඔය මැතිවරණයට ජවිපෙත් ඉදිරිපත් උනා. කට්ටිය හිතුවේ අනිවාර්යයෙන් ආසනයක් හිමි වෙයි කියලා. ඇත්තෙන්ම තිබුණු තත්වය උඩ ආසනයක් ලැබෙන්නත් ඕනි. එත් අයට පාර්ලිමේන්තු අසුනක් ලැබුනේ නැහැ. එක්කම අය සම්පුර්ණයෙන්ම මෙම සටන් වියපාරයෙන් අයින් උනා කිව්වොත් නිවැරදි. ඇත්තම කතාව නම් උනුත් මැරුණේ චන්ද ගන්නම විතරක්ද කියලත් හිතෙනවා. ඔන්න ඔහොම සටන දියාරු වෙලාම ගියා.

 


ඔන්න ඔය විදිහට වියකෘතියට එරහිව තිබුණු සියලු සටන් නිම උනා. එත් සිද්ද උන ප්රශ්න ගොඩක් තවමත් විසදිලා නැහැ. වතුර නැති ගෙවල් වලට නල ජලය ලබා දුන්නා. එත් තවමත් දැන් එක දිගට අවුරුදු පහක් විතර බව්සර් වතුර ගන්න අයත් තවම ඉන්නවා. සතියකට වතුර ලීටර් 1000 කින් සියලු වැඩ කරගන්න සාමානය පවුලකට සිද්ද වෙලා තියෙනවා. නල ජලය හම්බ උන ගෙවල් වලටත් සතියට වතාවයි වතුර දෙන්නේ. වතුර දෙන දවසට වතුර පුරවා ගන්න බැරි උනොත් වතුර ගන්න සතියක් බලාගෙන ඉන්නත් වෙනවා. ගෙවල් වලට නම් වන්දි මුදල් ලැබුණා. පිලිබදව අඩු වැඩි වීම් අසාදරනවා වන්දි බෙදීම් වගේ ගැටළු තිබුනා. කොහොමත් වගේ ගැටළු සාමානය දේවල්. තවමත් ලොකු ගැටලුවකට තියෙන්නේ වගා බිම් වලට වතුර නැති ගැටලුව. මේ නිසා ගොවි බිම් විශාල ප්රමාණයක් අත හරින්න සිද්ද වෙලා තියෙනවා. ඒවගෙන් ජීවත් උන ගොවියන්ටත් කර කියා ගන්න දෙයක් නැති වෙලා. වැස්ස බලාගෙන වැඩ කරත් ඒවගේ ලොකු සාර්ථක බවකුත් නැහැ. වගා බිම් වලට වන්දි හම්බ උනෙත් එක අවුරුද්දකට විතරයි. අවුරුදු පහකට වන්දි දෙන්න නඩුවෙන් තීන්දු උනා කියල කිව්වත් තවම මුදල් ලැබිලා නැහැ. සමහර මිනිස්සු තවම ජිවත් වෙන්නේ තමන් කලින් හිටපු ගෙවල් වල. එකත් ලොකු රිස්ක් එකක්. සාමකාමිව නිදහසේ හිටපු අපේ පැත්තේ උන්ට අන්තිමේදී සිද්ද උනේ ප්රශ්න ගොඩකට මුහුණ දෙන්න. තවමත් ගොඩක් ගැටළු තැනමයි. පෙර කරුමයක් කියල හිත හදා ගන්නවා මිසක දුප්පත් අහිංසක ජනතාවට වෙන කරන්න දෙයක් නම් නැහැ. කියවන උතුමෙක්ට යම් මැදිහත්වීමක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

 

පින්තුර සියල්ල අන්තර්ජාලය මගින් ලබා ගත්තෙමි.

 

අදට නතර කරන්නම්. ආයෙත් එකක් ලියනකන් ඔබටත් මටත් ජය වේවා.

 

සලිත

12.11.2020

8.00

4 comments:

  1. TBM එකකින් විදිනකොට ඔය වගේ වතුර කාන්දු වෙන තැන්වලදි ගන්න ඕන පියවරවල් තියෙනව කියල මම පිටරට වැඩසටහන්වල දැකල තියෙනව. මට හිතෙන්නෙ මේකෙදි ඒ කිසි දෙයක් සිද්දකරල නෑ වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ කිසිම දෙයක් ගනන් අරගෙන නහ

      Delete
  2. උල්පත් සහ භූගත ජලය නැවත ක්‍රම ක්‍රමයෙන් ඇතිවේවි කියල ඒ කාලෙ කිව්ව මතකයි...එහෙම වෙන බවට සේයාවක්වත් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. එහෙම සේයාවක්වත් නහ

      Delete