මම යන එන තැන්

Sunday, January 10, 2021

ජල විදුලි බලාගාර වර්ග

 

අද මම කතා කරන්න යන්නේ ජල විදුලිය නිපදවීම ගැන. 1980 ගණන් 90 ගණන් වල අපේ රටට විදුලිය ලබා දීමේදී ජල විදුලිය මුලික තැනක් ගත්තා. ක්රමයෙන් කර්මාන්ත ශාලා ආරම්බ වීමත් සමග තාප විදුලි බලාගාර වල අවශ්යතාවයකුත් ආවා. දැන් දැන් සුර්ය බල ශක්තිය සුලන් විදුලිය වගේ ක්රම වලටත් විදුලිය නිපදවනවා. කොහොම නමුත් තවමත් ජල විදුලියෙන් විශාල සේවාවක් සිද්ද වෙනවා. දැනට ප්රදාන වශයෙන් වර්ග කිහිපයක ජල විදුලි බලාගාර පවතිනවා. ඒවා පිලිබදව වෙන වෙනම පහලින් කතා කරමු.

 

1.ගලාගෙන යන ගංගාවක් හරහා ටර්බනියක් කරකවා විදුලිය නිපදවීම. මෙහිදී වතුර ගබඩාවක් තියා ගන්නේ නැහැ. ඉතාම ප්රථමික මට්ටමේ ජල විදුලිය නිපදවීමේ ක්රමයක් හැටියට මේ ක්රමය දක්වන්න පුළුවන්.

2. Pumped Storage Hydro power-

මේකට කියන සිංහල නම නම් හොයා ගන්න බැරි උනා. මේ ක්රමයේදී සිද්ද වෙන දේ කෙටියෙන් පැහැදිලි කරන්නම්. දේ පැහැදිලි කරන්න කලින් Power demand එක ගැන කතා කරන්න වෙනවා. මූලිකවම Power demand කියන්නේ විදුලි ඉල්ලුම. මෙන්න මේ විදුලි ඉල්ලුම තත්පරයෙන් තත්පරය වෙනස් වෙන දෙයක්. සරලවම ගෙදර ලයිට් එකක් දැම්මත් නිවුවත් මෙන්න මේ විදුලි ඉල්ලුම වෙනස් වෙනවා. විදුලි පද්දතියක් ස්ථාවරව පවත්වා ගෙන යාමට, මේ විදුලි ඉල්ලුමට ගැලපෙන විදිහට විදුලිය නිපදවීම සිද්ද කරන්න ඕනි. පුරුදු භාෂාවෙන් නම් ඉල්ලුමට සරිලන සැපයුම සිද්ද වෙන්න ඕනි. විදුලි පද්දතිය ස්ථාවරව පවත්වා ගෙන යාම සදහා දර්ශකයක් හැටියට පද්දතියේ frequency එක යොදා ගන්නවා. ලංකාවේ 50Hz කියන නියතය මේ සදහා පාවිච්චි කරනවා. හදිස්සියේ හරි මේ පද්දතියේ ස්ථාවර බව නැති උනුත් මුළු රටටම විදුලිය නැති වෙන්නත් පුළුවන්. සරලව කියනවා නම් තරාදියක දෙපැත්ත වගේ. තරාදියේ දෙපැත්ත සමතුලිත නැත්තන් තරාදිය balance වෙන්නේ  නැතුව එක පැත්තකට කඩා ගෙන වැටෙනවා. ඉතින් ඔහොම දෙපැත්ත balance කරගෙන යන්න විදුලි ඉල්ලුම වැඩි වෙනකොට විදුලි බලාගාර වල විදුලිය නිපදවීම වැඩි කරනවා. විදුලි ඉල්ලුම අඩු වෙනකොට විදුලි බලාගාර වල විදුලිය නිපදවීම අඩු කරනවාFrequency control කරනවා කියන්නේ ඔන්න ඕකට.

 


                              (ලංකාවේ විදුලි ඉල්ලුම වෙනස් වෙන විදිහ)

                                                                       
ලංකාවේ විදුලි ඉල්ලුම ගැන ටිකක් කතා කරමු. හවස 6 ඉදන් රාත්රි 10 වෙනකන් ලංකාවේ උපරිම විදුලි පරිබෝජනයක් තියෙනවා. ඊට අමතරව උදේ කාලයේත් යම් කිසි සැලකිය යුතු විදුලි ඉල්ලුමක් තියෙනවා කිව්වොත් නිවැරදි.ඒ පිළිබද අදහසක් උඩින් තියෙන ෆොටෝ එකෙමුත් ගන්න පුළුවන් මෙන්න මේ කාලයන් වලදී විදුලි පද්දතිය ස්ථාවරව පවත්වාගෙන යන්න ටිකක් වියදම් අධික විදුලි නිපදවීමේ ක්රම වලටත් යන්න සිද්ද වෙනවා. විදුලි ඉල්ලුම ක්රම ක්රමයෙන් වැඩි වෙනකොට විදුලිය නිපදවන ක්රමයත් වෙනස් වෙනවා. විදුලි ඉල්ලුම අඩුයි නම් වියදම් අඩු විදුලි නිපදවීමේ ක්රම ඔස්සේ විදුලිය නිපදවනවා. එත් ටිකෙන් ටික ඉල්ලුම වැඩි වෙනකොට, පද්දතිය ස්ථාවරව පවත්වා ගැනීමට වියදම් අදික විදුලි ජනන ක්රම වලට යන්න සිද්ද වෙනවා. මොනවද මේ වියදම් අධික ක්රම? විදුලිය නිපදවන ක්රම ගත්තම විදුලි ඒකකයක් නිපදවන්න වියදම් වන මුදලත් සලකා බලන්න ඕනි. සුර්ය බලයෙන් විදුලිය නිපදවීම, සුලන් බලයෙන් විදුලිය නිපදවීම සහ ජල විදුලිය කියන්නේ අඩු වියදමකින් විදුලිය හදන්න පුළුවන් ක්රම. එත් සුලන් සහ සුර්ය බලය මගින් ස්ථාවර විදුලි බලයක් නිපදවා ගන්න අමාරුයි. ගල් අගුරු බලාගාර වලිමුත් සාපේක්ෂව අඩු වියදමකින් විදුලිය නිපදවන්න පුළුවන්. ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවීම කියන්නේ මිල අධික විදුලි නිපදවීමේ ක්රමයක්. දැන් පවතින විදුලි ඉල්ලුමේ හැටියට අනිවාර්යයෙන්ම වියදම් අධික විදුලි නිපදවීමේ ක්රම වලට යන්න වෙලා තියෙනවා.

 


 

ඉහත පැහැදලි කරපු වියදම් අධික විදුලි නිපදවීමේ ක්රම වලට හොඳ ආදේශකයක් විදිහට Pumped Storage Hydro-power භාවිතා කරනවා. මෙහෙදී ඉහල රුපයේ පරිදි සුර්ය ශක්තිය සහ සුලන් විදුලි ශක්තිය උපයෝගී කරගෙන විදුලි ඉල්ලුම (power demand)   අඩු වෙලාවල් තුලදී කන්ද පහල තියෙන ජලාශයේ වතුර කන්ද ඉහළ තියෙන ජලාශයට පොම්ප කරනවා. පස්සේ ඉහලට පොම්ප කරගත්ත වතුරම පාවිච්චි කරලා විදුලි ඉල්ලුම (power demand) වැඩි වෙලාවල් තුලදී විදුලිය ජනනය කිරීම Pumped Storage Hydro power වලදී සිදු කරනවා. මිල අධික විදුලිය නිපදවීමේ ක්රම වලට ආදේශකයක් හැටියට Pumped Storage Hydro power මුලික වශයෙන් යොදා ගන්නවා. මෙවැනි බලාගාර නය්ෂ්ටික බලාගාර තියෙන තැන වල  පාවිච්චි වෙනවා. නයස්ටික බලාගාර වල නිපදවන්නේ ස්ථාවර බලයක්. කියන්නේ බලාගාර වල නිපදවෙන බලය අඩු වැඩි කරන්න අමාරුයි. නමුත් විදුලි ඉල්ලුමේ අඩු වැඩි වීම් වෙන්න පුළුවන්. විදුලි ඉල්ලුම අඩු උනොත් බලාගාරයෙන් නිපදවෙන බලට වැඩි. වගේ වේලාවන් වල පද්දතිය කඩා වැටෙන්න පුළුවන්. වගේ වේලාවන් වල නිපදවෙන අමතර බලය යොදා ගෙන Pumped Storage Hydro-power සංකල්පය යොදා ගෙන වතුර කන්ද ඉහලට පොම්ප කර ගන්නවා. ඊට පස්සේ විදුලි ඉල්ලුම වැඩි වෙන අවස්ථා වල කන්ද උඩට ගත්තු වතුර මගින් නැවත විදුලිය නිපදවීම මගින් පද්දතිය බිද වැටීම වළක්වනවා. ඇත්තෙන්ම මේ ක්රමයට energy storage කරන සිස්ටම් එකක් කිව්වත් වැරදි නැහැ.

 

3.  Storage Hydro Power

 

මේ කියන්නේ අපි දකින සාමාන් දකින ජල විදුලි බලාගාර. රන්දෙනිගල, වික්ටෝරියා, කොත්මලේ, සමනලවැව මේ වගේ බලාගාර ඉහත කියපු කැටගරියට අදාලයි. මුලික වශයෙන් dam එකක ආධාරයෙන් වතුර රදවා ගෙන ජලයේ විභව ශක්තිය උපයෝගී කරගෙන ටර්බයින හරහා විදුලි ශක්තිය නිපදවීම මෙහෙදී සිදු කරයි. කෘෂි කර්මාන්තයට අවශ් ජලය ගබඩා කරගෙන ඉන්න එකත් මෙවැනි බලාගාර වලින් වන අමතර සේවයක් ලෙස සලකන්න පුළුවන්.

 

ජල විදුලි බලාගාර වල එක එක කොටස් සහ ඒවගෙන් වෙන කාර්යයන් පිලිබදව ඊලග පොස්ට් එකෙන් දැනුම් දෙන්නම්.  කියපු දේවල් වල වැරදි තිබුනොත් හරි ඔබ දන්නා තවත් දේවල් හරි තිබුනොත් පහලින් කොටන්න

 

සලිත

2020.01.07

12 15

8 comments:

  1. මගේ මුල් කාලේ ස්පෙෂලිටි අක. ආචාර්ය උපාධිය කරන්න හිටියේ රෙනිවබල් එනර්ජි වලට.සෝවියට් දේශයේ සපරෝෂි ජාල විදුලි එකට ගිය. රන්දෙනිගල ට්‍රේනින්ග් ගිය දවස් කිහිපයක්. ඊයේ පෙරේද 2016 සමනලවැව ගිහින් ඩෑම් එකත් බලල රෑ දෙකක් කවට්ස් වල නැවතිලා ගෝන මසුත් කාල ආව

    ReplyDelete
    Replies
    1. මමත් සමනලවැව සති දෙකක් හිටියා එහෙ නිකන් ලෝකෙන් වෙන් වෙලා තියෙන පරිසරයක් වගේ ජල විදුලි බලාගාර ගැන ඉස්සරහටත් ලියන්න ඉන්නවා.

      Delete
  2. බැලුවෙමි පුරුද්දක් ලෙස කරනා හන්දා
    අගනා තතු තිබේ ලිපියට ගෙන රන්දා
    ඒත් රජෝ, රසවත්කම අඩු හින්දා
    මම වගෙ මොට්ටයෝ කියවාවිද මන්දා

    ReplyDelete
    Replies
    1. මේ වගේ ලිපි පෙළක් ලියන්න ඉන්නේ එත් රසබර දේවලුත් ලියන්න ඉන්නේ.

      Delete
  3. නියමයි. ඉතුරු ටිකත් විස්තර ඇතුව ලියමු.

    ReplyDelete
    Replies
    1. විස්තර ඇතිව කොටසින් කොටස ලියනවා

      Delete